යක්කල කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ තුන්වෙනි සැතපුම් කණුව අසල ඉඩමේදී ආරම්භ කළ මෙම පාසල උඩුතුත්තිරිපිටිය රජයේ කුමර විද්‍යාලය නමින් හදුන්වන ලදී.
පසුව එවකට ගම්මුළාදෑනි තනතුර දැරූ අගෝස්සිඤ්ඤෝ මහතාට අයත් ඉඩමේ දොන් ජේම්ස් ගුණවර්ධන මහතා සහ එම මහත්මිය විසින් තාවකාලික ගොඩනැගිල්ලක් තනවා පාසලේ වර්තමානයේ පවත්නා ස්ථානයේ ආරම්භ කරන ලදී.
ක්‍රි.ව.1927 ජූලි මස 15 වැනිදා මේ මුල් ගුරු මහතාගේ කාලයේදී ලංකාවේ මුල්ම බාලදක්ෂ කණ්ඩායම උඩුතුත්තිරිපිටිය පිරිමි පාසලේ ආරම්භ කරන ලදී. ක්‍රි.ව. 1927 අගෝස්තු මස 09 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ මෝදර පැවැති බාලදක්ෂ කදවුරේදී සමස්ත ලංකා බාලදක්ෂ ශූරතා සම්මානය සී/උඩුතුත්තිරිපිටිය පිරිමි පාඨශාලාවට හිමි විය. මේ කණ්ඩායම භාර බාලදක්ෂ ගුරුවරයා වූයේ තෝමස් ගුණවර්ධන මහතාය. ක්‍රි.ව.1933 මාර්තු මස 01 වැනිදා එංගලන්තයේ බාලදක්ෂ කොමසාරිස්වරයෙකු වූ මේජර් වේලසාම්වරයා පිළිගැනීමේ උත්සවයක් මේ පාසලේදී පැවැත්වේ. එහිදී පාසලේ බාලදක්ෂ ආචාර්යවරයා වූ ගුණවර්ධන මහත්මයාට යුරෝපයේ රටවල් 10 ක බාලදක්ෂ සංචාරක පුහුණු ශිෂ්‍යත්වය පිරිනමන ලදී. ක්‍රි.ව.1929 දී මේ පාසලේ මෙතෙක් පැවති 8 වන ශ්‍රේණිය දක්වා පන්තිවලට අමතරව ප්‍රාථමික අවසාන පන්ති පටන් ගන්නා ලදී.
මෙම විදුහල ආරම්භයේදී පිරිමි පාඨශාලායක් වූ අතර පාසලේ ආරම්භක කර්තෘ වූයේ පාඨශාලාචාර්ය ගුණවර්ධන මහතාය. ක්‍රි.ව. 1872 දී මෙම පාසල රජයට පවරා ගෙන කො උ/ උඩුතුත්තිරිපිටිය පිරිමි පාඨශාලාව නමින් ලියාපදිංචි කරන ලදී
|
ආරම්භ කළ වර්ෂය |
1867 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
15 |
|
පාසලේ ආදි කතෘගේ නම |
ගුනවර්ධන මයා. |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
අඹගස්පිටිය මහා විද්‍යාල |
|
පාසල රජයට පවරාගත් දිනය |
1872 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
යක්කල කිරිදිවැල ප්‍රධාන මාර්ගයේ තුන්වෙනි සැතපුම් කණුව අසල |





