අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

බප/කැල/ අඹගස්පිටිය මහා විද්‍යාලය පාසල් නිල ඇඳුම් පිළිබඳ නීති මාලාව

පිරිමි ළමුන් 

01.  කොණ්ඩය පැත්තට පීරන ලෙස කොටට කැපිය යුතුය.

02.  රැවුල සම්පූර්ණයෙන්ම කැපිය යුතු අතර පැති කොණ්ඩය (විස්කස්) කන මට්ටමට කපා තිබිය යුතුය.

03.  අත්කොට කමිසයෙහි වම්පසින් සාක්කුවක් අල්ලා එහි දකුණු පස කෙළවරෙහි පාසල් නිල ලාංඡනය මසා තිබිය යුතුය. 

04.  දිග කලිසම රැලි 2ක් (ප්ලීට්ස්) පමණක් ඉදිරිපස තිබිය යුතු අතර එහි උස බිම නොගෑවෙන පරිදි විලුඹ දක්වා තිබිය යුතුය. 

05.  කලිසමෙහි අග (folt එක) අඟල් 16 හෝ ඊට වැඩි විය යුතුය.

06.  කලිසම ඇඟට තද නොවන ලෙස සැහැල්ලු ආකාරයට මැසිය යුතු අතර පිටුපස පියන රහිත එක් පොකැට්ටුවක් පමණක් තිබිය යුතුය. 

07.  කලිසමෙහි ඉනට කාදු ඇල්ලීමෙන් වැලකිය යුතුය.

08.  විසිතුරු බොත්තම් වර්ග, ද්විත්ව මැහුම් විලාසිතා නොතිබිය යුතු අතර කමිසය මනා ලෙස කලිසමට යට කර තිබිය යුතුය. 

09.  කමිසයෙහි අත ඇඟට හිර නොවන අයුරින් සැහැල්ලු ආකාරයට මැසිය යුතුය.

10.  කලිසම තමාගේ  ඉනටම ඇඳිය යුතුය. (ඉනට පහළින් ඇඳීම නොකළ යුතුය.) 

11.  සෙරෙප්පු භාවිතය සම්පූර්ණයෙන් තහනම් අතර පාසල් නිල ඇඳුමට ගැළපෙන කලු සපත්තු හා කලු මේස් පැළඳිය යුතුය. 

12.  විසිතුරු මුදු,මාල,නූල්, ආදිය පැළඳීමෙන් වැළකිය යුතුය. 

🔹දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය,ශිෂ්‍යාවන්

 

🔹ගැහැනු ළමුන්

01.    හිසකේ දික්ව    ඇති ශිෂ්‍යාවන් දෙකට මැදින් කරල් 02 ක් වන සේ ගොතා අග්ගිස්ස කලු රිබන් පටි වලින් බැඳිය යුතුය. කොටට කපා ඇත්නම් මුහුණට නොවැටෙන ලෙස පිටුපසට සකස් කරගත යුතුය. 

02.   ගවුම සෑම විටම දණහිසින් පහළට 1cm ක් තිබිය යුතුය.( දණ ගැසූ විට දණ වටා ගවුම සිටින සේ.)

03.  තමාගේ අත ඇගේ ගෑවෙන ලෙස දික් කළ විට වැලමිට  වදින ස්ථානය ඉන ලෙස සලකා නිල ඇඳුමේ ඉන එම ස්ථානයට සිටින සේ නිල ඇඳුම මැසිය යුතුය. බඳ පටිය ඉනට තද වන සේ බැඳිය යුතුය.

04.  නිල ඇඳුමෙහි වම්පසින් පාසල් නිල ලාංඡනය මසා තිබිය  යුතුය. 

05.  නිල ඇඳුමට සරිලන සේ සුදු සපත්තු හා සුදු මේස් පැළඳිය යුතුය. 

06.  විලාසිතා සහිත කරාබු, තෝඩු, විසිතුරු කොණ්ඩ කටු,මාල,මුදු,වළලු, නූල් කිසිවක් පැළඳීමෙන් වැලකිය යුතුය. 

07.  නියපොතු වැවීම නොකළ යුතුය. නිය වර්ණ ගැන්වීම නොකළ යුතුයි.

08.  සුදු ගවුමෙහි ඉදිරිපස විවරය ඉන දක්වා නොදැමිය යුතුය. 

 
 
 

🔹දෙමව්පියන් සහ ආදි ශිෂ්‍ය,ශිෂ්‍යාවන්

☆ ඔබේ දරුවාගේ කාර්යාලීය කටයුතු ඉටුකර ගැනීම සඳහා පාසලට එනවිට,

🔸මව - සාරිය , ඔසරිය
🔸පියා - සුදුසු ඇඳුමක්
🔸ආදි ශිෂ්‍ය ශිෂ්‍යයා - උචිත ඇඳුමක් 
සැරසී පැමිණීම ඉතා වැදගත් වේ