අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

විදුහල්පති පණිවිඩය

D.M.P.P.දිසානායක මයා

බස්නාහිර පළාතට මෙන්ම සියනෑ කෝරලේටද මහත් ආඩම්බරයක් බවට පත්ව ඇති මෙම විද්‍යාලය ප්‍රදේශයේ වෙනත් පාසල් වලට නොදෙවෙනි දක්ෂතාවයන්ගෙන් පිරිපුන් දරුවන් රාශියක් අධ්‍යාපනය හදාරන ආයතනයක් බවට පත්ව ඇත. සැබවින්ම විද්‍යාලයේ දියුණුවට ප්‍රධාන වන මාගේ දරුවන්ගේ නොමසුරු සහයෝගය මුලින්ම සිහිපත් කළ යුතුය. පාසල් පද්ධතිය තුළදී විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙමින් දරුවන් දක්වන සහයෝගය ශ්‍රමදායකත්වය කොතරම් ද යන්න පාසල් කටයුතුවලදී අප ලද උසස් ජයග්‍රහණ තුළින් මනාව පසක් කර ඇත.
ඒ වාගේම විද්‍යාලයේ දරු කැලගේ නියමුවානන් ලෙස පාසලේ ඉදිරි ගමනට රුකුලක් වන ගුරු මණ්ඩලයද මා ගෞරව පූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි. පාසල් පද්ධතියේ උන්නතියට මා හා බැඳී සහයෝගෙන් කටයුතු කරන ගුරු මණ්ඩලය නිසා අද පවතින කීර්තිමත්වය උදාවීමට යෝග්‍ය ශක්තියක් වූහ සමස්තයක් වශයෙන් ගත් කල පාසල් ප්‍රජාව පාසල වෙත දක්වන ශ්‍රමදායකත්වය කැපවීම උනන්දුව අති මහත්තය එයද පාසල් පද්ධතිය නගා සිටුවීමට මහඟු අත්වැලක් වී ඇත

D.M.P.P.දිසානායක මයා
විදුහල්පති
අඹගස්පිටිය මහා විද්‍ර්‍යාලය.