අඹගස්පිටිය මහා විද්‍යාලය

පෝතක බාලදක්ශ

whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg
whatsapp-image-2023-12-14-at-08.51.58_69987a62.jpg

ශිෂ්‍ය / ශිෂ්‍යාවන් සදහා වැදගත් නීති

•මාල, වළලු, විවිධ වර්ණ කටු, මුදු, එල්ලෙන කරාබු, ඔරලෝසු ආදිය නොපැළදිය යුතු ය .
•දුරකථන, මුදල් පසුම්බි, අසභ්‍ය පුවත්පත්, ලේකන, තැටි ගෙන ඒම නොකළ යුතු ය.
•ගැහැණු ළමයි කොණ්ඩය කොටට නොකැපිය යුතු ය.
•නියපොතු වැවීමෙන් වැලකිය යුතු ය.
•පාසලට උචිත සපත්තු පමණක් පැළදිය යුතු ය.
•ගැහැණු දරුවන් ඇහිබැම පාට කිරීම, ඇහිබැම ඉවත් කිරීම සහ නියපොතු පාට කිරීම නොකළ යුතු ය.
•අවසර නොමැතිව පාසලෙන් හා පන්තියෙන් බැහැර නොයා යුතු ය.
•පාසල් කාලය තුළ අමතර පන්ති සදහා සහබාගී නොවිය යුතු ය.
•සුවද විලවුන් ආදිය බාවිතා නොකළ යුතු ය.
•පාසලට උචිත පාසල් පොත් බෑගයක් පමණක් බාවිතා කළ යුතු ය.
•ගැහැණු ළමයි කොණ්ඩය ගොතා අගින් නවා කලු රිබන් පටියක් ගැට ගැසිය යුතු ය.
•ගැහැණු ළමයි කොණ්ඩය ඉදිරිපසින් නොකැපිය යුතු ය.
•අනවශ්‍ය ලෙස මුදල් පරිහරණය නොකළ යුතු ය.
•පාසල් විවේක කාලයේදී හැර ආපනශාලාවට නොයා යුතු ය.
•කල්වේලා ඇතිව පාසලට පැමිණිය යුතු ය. ( පෙ.ව. 7.15 ට පෙර )
•දිනපතා ගුරුදෙගුරු සබදතා පොත රැගෙන ආ යුතු ය.
•පොලිතින් ආදී අපද්‍රව්‍ය ගෙන ඒමෙන් වැලකිය යුතු ය.
•පාසලේ පැවැත්වෙන අමතර පන්ති සදහා නිල ඇදුමින් සහබාගී විය යුතු ය .
•බෝවන රෝගී තත්වයක් තිබේ නම් සුවවීමෙන් අනතුරුව පාසලට පැමිණිය යුතු ය.
•පාසලට පැමිණෙන විටදී හෝ පාසල අවසන් වී නිවසට යන විටදී අවට ප්‍රදේශයේ විවිධ ස්ථානවල අනවශ්‍ය ලෙස රැදී නොසිටිය යුතු ය